Friday, 11 January 2013

නුඹේ ගෙල රිදුනාද නංගියෙ..



කතරෙ වැලි රතු වූ වෙලේ
නුඹේ ගෙල රිදුනාද නංගියෙ..
සොයා ආ මතු ජීවිතයෙ රස
අසිපතින් සිඳුනාද නංගියෙ...


ෆර්දාව යට නැගුනු කඳුලැලි
කුනාටුව ගෙන ගියාදෝ..
සිපිරි ගෙය තුල මැරි මැරී නුඹ
 ජීවිතය යලි සෙව්වදෝ...

නුඹේ ජාතිය නුඹේ ආගම 
නු‍ඹේ බස මට නොවැටහේ..
අනේ එනමුදු පුංචි නංගියෙ
නුඹ නොමැති දුක මට දැනේ..

1 comment:

  1. This comment has been removed by the author.

    ReplyDelete