Monday, 7 January 2013

අවපසට බැස යන සඳ




මුහුණ බලාගෙන මුකුළු කරනවා
අවපසට බැස යන සඳ...
කැඩපතක සේ මැවී පෙනෙනවා
කාලත්‍රයේ මහා දුක් ගඟ...


එකම විදියක විරහවයි මේ
එකම විලසින් ඇසෙන්නේ
ඉක්ම ගියමුත් වසත් කාලය
ගිම්හානයේ ආ කොවුලෙකු සරෙන්..

නතර නොම වී සසර ගෙව ගෙව
එකම තැන රියසක ලෙසින්
එකම දේමයි නිතර සෙව්වේ
එයයි නිරතුරු නොලැබ යන්නෙ..

3 comments:

  1. එකතැන කැරකෙන රිය සකවල් තියෙන්නෙ ලොකු සයිස් මැසින් වල.. තේ පැක්ටරි වල තියෙන මැසින ්වල තියෙන රෝද එකතැන කැරකෙන්නෙ..

    ReplyDelete
  2. ඔව් ඒකත් ඇත්ත තමයි නේද

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete