Sunday, 9 December 2012

කෝ කවිය වූ නුඹ


සොඳුරු බව තුල
ලැගුම් ගෙන සිටි
නැවුම් සිතිවිලි 
මල් මිටක් සේ
අනේ මතකය පමණි ඉතිරිව
රුදුරු ගින්නෙන් ඇයි දැවෙන්නේ.


සෙනෙහෙ වරුසා සිහින පොද පොද
ඉරිතැලුනු බිම තෙත් කලා..
වදන් නොබිඳෙන සුවච ස්වරයෙන්
එදා හද බිමි ගඟ ගලා..
අනේ අද කෝ තුසර බිඳුවක් හෝ...
තණපත්ද  ගොස්  වියැලිලා..

නාඳුනන ලෙස දුරස් වෙන්නට
වදන් හමුවේ බියපත්ය නුඹ
රිදෙන  විලසට බිඳුනු ස්වරයෙන්
මගෙන් ඈතට පියනගන්නේ..
අනේ අද කෝ කවිය වූ නුඹ
මගේ දිවියම ඉරිතලා..




2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. එය එසේම වේ නම්
    කෙතරම් සුවපත්ද...
    එහෙත් අහසම ගුගුරුවාගෙන
    මහා වැස්සක් එයි හෙමින්

    ReplyDelete