Monday, 17 December 2012

කවුදෝ මා ඇද දැමුවා


උඩුවියනක් යට වළාකුලෙන් බැඳි
සුළලිත යහනාවේ......මා සතපා..මා නලවා...
සුරංගනාවිය.. නැලැවිලි ගී ගැයුවා......
මියුරු සරින්..මියුරු හඬින්......
මා නැලැවී හුන් ඒ සිහිනෙන්
කවුදෝ මා.....ඇද දැමුවා......


මා...අනන්ත අහසයි ඔබම කියූ බව
අනන්ත පොලොවයි ඔබ තෙපලූ බව
අනන්තයට යන කඳුලු දිගේ මම
අනන්ත ගනනින් සිහිකෙරුවා....
මා නැලැවී හුන් ඒ සිහිනෙන්
කවුදෝ මා ඇද දැමුවා........

මා....පරමාදර්ශය පහන් ටැඹක් ලෙස
ඔබටම පෙරමග බව කීවා
අනන්තයට යන පාර දිගේ අද
තනිවම ඔබ පියවර මැන්නා..
මා නැලැවී හුන් ඒ සිහිනෙන්
කවුදෝ මා.... ඇද දැමුවා........




2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සැබෑ සුවඳක් නෑ..
    ව්‍යාජ පාට පාට පෙති පමණයි..

    ReplyDelete