Wednesday, 12 December 2012

විසිර ගිය පසු පෙති


බිමෙහි වැතිරී දසත වැලපී
සොයනවද නුඹ මල්..
බිමෙහි දසඅත දුකෙන් තැවරී
සිඹිනවද මල් මල්...


විසිර ගිය පසු පෙති 
තියෙනවද තවමත්...
පරවෙලා නෙවැ 
බිමට වැටි මල්...
පරඋනා නම් පෙලොවෙ පස් වේ මැයි
පසට මෙතරම් ආදරෙද නුඹ නම්..

හිසට ඉහලින් අහස පිරිමැද
දිලෙනවා තරු මල්..
දසත විසිරුනු පසෙහි වැතිරුනු
පෙනෙනවා පරමල්..
හිතට දැනුනොත් සියලු දේ මෙලෙසින්
නැතිවෙලා යන දෙයක අරුමය
දෙයිද සිත් තැවුලක්..

අගය වඩනට විපුල කරනට
ඉතිරි වෙද තව කල්
මලක හැඩ රුව මලම නොදනියි නම්..
එකලු කරනට නැගෙන හිරු සඳු
පවා තිර නැත්නම්
කුමට ලතවී කුමක් සොයනිද
මුසාවක් වී නම්...



3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. උඩඟු මල්
    කටු ඇති
    නටුවෙහි පිපී..
    ඇඟිලි තුඩු
    රිදවයි නම්..???

    ReplyDelete
  3. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete