Monday, 3 December 2012

සඳසාවියට


බක්මහ අකුණු ඉරිතලනා මේ කුලක
සඳසාවිය කම්මැලි වී නිදිබරව
පෝය අදයි අමතක වී දෝ සඳට
ආරන්‍යයේ ගහකොළ දෙයි සිල් සුවඳ.....


අහස පුරා පාලොස්වක සඳපායා
අරණ පුරා සිල් සුවඳක් ඒය ගලා
සාධුකාර නද බැතිබර ලෙසින් නැග
මුදු මදනල මල්පෙති සනසාය සිප

ගුගුරන අහස බක්මාසෙට අකුණු සැර
සසර දුකම දනවයි මේ ලෙසින් බිය
අඳුර නසා දැල්වෙන පහණක් විලස
ශීල සමාධී ප්‍රඥා වඩනු මැන.........

උකුළු මුකුළු දැන්වත් ඇති සඳසාවි
සසර ගමනෙ වැටුනොත් බොහො දුක් දේවි
සුදුවත පුරා කහවත පොරවා පේවී
මතුදා නුඹත් අබිනික්මන් යනු දේවි

ජීවිතයේ දුක් ගැහැටම විඳ විඳය
නොමැති සැපක් සොයමින් සත ලත වේය
අනිස සැපත මේ ජීවිත නොමවේය
සඳසාවිට දැන් ටික ටික වැටහේය......

No comments:

Post a Comment