Monday, 3 December 2012

අහසෙ හිරු හා තරහා වී නෑ


ඒ කුසුම තවමත් සුවඳමයි
ඔබට එය නොසුවඳ උනත්
ඒ මහ ගසම තව ඵල දරයි
ඔබට ඒ ඵල රස නැතත්....

සෙවන සදනා තුරුලතා
සෙවන දුන්නට සෙසු සියල්ලට
තම හිසට සැඩ හිරු නිසා
ගෙනෙන තාපය ඉවසගන්නේ
පෙම නිසා...

දසත මහනා සුළං කෝඩය
ගසේ දළුකොළ නසා දැම්මද
සුළඟ හා තරහක් නොවී
ඉවසගන්නේ පෙම නිසා...

අවාරේ එන ඉඩෝරය මැද
ලපටි ඵල මල් දවා දැම්මද
අහසෙ හිරු හා තරහා වී නෑ
ඉවසගන්නේ පෙම නිසා..

සුවඳ විඳිනට කැමති දවසක
සිපගන්න ඒ මලේ පෙතිහැම
පරනොවී මග බලා ඉන්නේ
යලි සිතක් ඇතිවෙන තුරා...


No comments:

Post a Comment