Monday, 10 December 2012

නුඹේ සතුට අරන්..


නුඹ රුව ගැන තකනවාද
මම රුව ගැන නොසිතම්
රුව බිඳි බිඳි යයි අනියත
දිය බුබුලක තරම්..


නුඹ රිදී කාසි තකනවාද
මම නොතකමි එතරම්
ධන සම්පත් සිදීයාවි
අට ලෝ දම් තුලින්..

නුඹ උගත්කමක් තකනවාද
මම නොතකමි එතරම්
නිවී ඉන්න උගතෙක් නම්
ඒ දැනුවත් බව උතුම්..

නුඹ නුඹේ සිතට ඇයි ඔතරම්
වද දෙන්නට තරම්
සිත තලා පෙලා පාරවමින්
ඒ තුල තුටු වෙමින්..

බිඳු බිදු වැහි වහින විටදි
පිරේවි ගඟ දියෙන්
මුදු මුදු වදනින් හුරුවන
සෙනෙහස දෙයි අරුත්..

අද නොදකින ඒ ලෝකය
හෙට නුඹ නෙත දකියි
හිටියොත් මම හිනැහෙන්නම්
නුඹේ සතුට අරන්...






2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පෑරෙන්නේ සොඳුරු වැනුම්
    නුරුස්සනා නම්
    නහවන්නට කඳුළු වලින්
    නාසන් යලි එබස්
    සොඳුරු වදන් තෙපලන මුව
    සොඳුරු නොව් නම්
    ඉවත් හැරෙන් නොදී දයා
    යලි නොවලස් වෙමින්

    ReplyDelete