Monday, 3 December 2012

මුතු පබලු ලතා


                                                 මුතු පබලු ලතා සේ මෙ ලඳා
සිනහ ගෙනෙනවා
නෙක වරුණ ලතා රැස් මෙ විදා
කැලුම් දෙවනවා
සෙනෙහෙ බෝය වේ මෙ ලඳා
මා සිත් අහසේ නිබඳා
සරණ සියොත් සේ මෙ ලඳා
පියාපත් විදා......

සසරේ දිගු ගමන සරා - සොයා ආව මාව සොයා
ජීවිතයේ අතරමගදි - පවන් සල සලා
අත ගන්නට වරම් නැතා - ඉන් අඩුවක් දැනෙනු නැතා
හද ගන්නට දෝත විදා - බලා හිඳිනවා.....


මරු කතරේ නිසොල්මනේ- ගලා හැලෙන නදිය ලෙසා
දිවි ගමනේ සා පවසට - දොතොල් තෙම තෙමා
බැස ඉන්නට වරම් නැතා - ඒත් සෝක දැනෙනු නැතා
සෙවනැල්ලක් සේ මා ලඟ- බලා හිඳිනවා....


No comments:

Post a Comment