Monday, 17 December 2012

වැස්ස


වැස්ස වහිනවා සීතල සුළං හමනවා
කැලේට සඳ පායන්නට බැරිව හඬනවා
සිරිපොද පිහි තුඩු ඇවිදින් ඇඟේ ඇනෙනවා
උහුලන්නට බැරි පාලුව අඳුර ගෙනෙනවා..


දේදුන්නක් පායාලා අහසේ තිබුනා
රාස්සිගේ අව්ව මැදින් වැහිකළු නැගුනා
මොරසූරන වැහි කෝඩය කොහේද ඉඳලා
දෙගොඩ තලා ගලා ගියා වැව්බැමි උතුරා


ඉඳුවර බැමි තිගැස්සිලා නලල් තලාවේ
විදුලි අකුනු පුපුරන සේ හදවත් පත්ලේ
වැහිලිහිනින් ඉගිලුනාට සෙනෙහස් අහසේ
පායන්නට බැරි ඇයි සඳ රිදී වලාවේ.




1 comment:

  1. This comment has been removed by the author.

    ReplyDelete