Wednesday, 5 December 2012

ඇසල සඳටත්


ඇහැල මල් පරවි යමින්
ඇහැල හඳ අවපස වෙමින්
ඇහැල සුළගද චන්ඩ විලසින්
හමාඑන්නේ බිනර මහ ගිනි ඉඩෝරෙයි‍‍....


දුවන වැස්සට තෙමි තෙමී
සිතූ සිතිවිලි යයි බිඳී...
අගුපිලක් නැත නොතෙමි ඉන්නට
දුකින් බර වැහි ඇද හැලී...

මෙත් සිසිල් කරුණා දෙනෙත්
යුගදරින් ගිනි  දැල්විලා...
ඇසල සඳටත් උහුලගන්නට
බැරි තරම් ගිනි දළු දමා....

ඇවිල ගිය හැටි මතක් වෙනවද
ඉඟිකරන මල් පෙති සලා.....
ඇහැල සඳටත් අමතකව නැහැ
බිනර මහ ලඟ ඉකිගසා...

1 comment:

  1. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete