Tuesday, 4 December 2012

තරු නෙත දිගහැර


ඔබ දුන් පිරිකර
නොමසුරු අයුරෙන
දුටුවිට හැම කල
සිහිවෙයි නිබඳව..


සිහි ඇති විලසට
වටපිට නොදුටුව
ඵල විපාකයට
ඇත දුක දළු දම දම..

ඇසල පොසොන් සඳ
ගෙවි ගෙවි ගිය ලෙස
සීතල උඳුවප 
මෙලෙස ගිලන් වෙයි..

දුටුවොත් අහසෙහි
අවසඳ පායනු
තරු නෙත දිගහැර
කොනින් බලනු මැන.


No comments:

Post a Comment