Wednesday, 26 December 2012

පොලොව සේ අද අනන්ත නෑ..


යශෝධරා වත මිමිනූ මුවගින්
ආල නුරා ගී මුමුනන්නේ..
කොහෙදෝ ඈතක වෙසතුරු සිරිතේ
වියෝ දුකේ ගී වැලපෙන්නේ..


සදළුතලාවේ කඳුළු ගලද්දී
යශෝධරාවන් ඉකිබින්දා
අඹුදරුවන් දන් දුන්නත් අතහැර
වෙස්සන්තර නැහැ සසල වෙලා..

අහස් තලාවම වරෙක මමයි කී
මුවගින් අහසම අදුරු වෙලා
සහසක් පැතුමන් සඳ පායා නෑ
පොලොව සේ අද අනන්ත නෑ..



No comments:

Post a Comment