Monday, 17 December 2012

ආයෙමත් ඔබ


වළාකුලක් යට ගිලුනු සඳක් සේ
අමාවකට හිස් අහස වෙලා.......
නිලංකාර නෙත් මත යලි දැල්වී
ආයෙමත් ඔබ
සරා සඳක් සේ පායාලා...


නිවාඩුවක් ගෙන නිහඬව හුන්
දෙසවන් පෙති මත ඇහෙන සරින්
මුමුණන කිසිවක් නොදුටුව තොල්
මුමුණණ සුපුරුදු හඬ ඇසුනා...
කොවුල් සරින් ඔබ
ආයෙමත් මුමුණනා...

කුනාටුවක් විත් ගසාගියා නෙත්
කොනින් හෙලූ ඒ සුපුරුදු කැන්
මල්සර හීයට යලි ඇමිනූවද
හදවත පත්ලට හී සර වැදුනද
විහඟ වෙසින්  ඔබ..
ආයෙමත් දැවටෙනා...



No comments:

Post a Comment