Tuesday, 4 December 2012

කාලයේ රුදු සප්ත ස්වරය


මහා පිලිම හදන්නට
සඳකඩ පහන දැල්වෙන්නට
ඉඩ දුන්නු සියුමැලි 
කළුගලක්...
කෙතරම් විශ්මිතද
මැවෙන සියුමැලි රටා..

සෙනෙහස නැගෙන්නට
පෙමින් පියුමන් පිපෙන්නට
ඉඩදුන්නු මහ රළු‍‍
සිතක්...
කෙතරම් විශ්මිතද
තැලෙන රිදවන සොබා..

කාලයේ රුදු සප්ත ස්වරය
කඳුළු එන්නට නැගෙන වියෝ ගීතය..
හදේ එක් කෙලවරක
නිදන මතකයේ සියුමැලිය..
නිදිගැට හැරදමා
නෙත් කොනින් බලන්නට..
ගලා ගිය ගඟ දෙසම...


ශතක ගනනක් මුලුල්ලේ
තවම තැවරෙන
රළු කළු ගලෙහි මැවුනු 
සියුමැලි රටා..
කෙටි කලක් මුළුල්ලේතිබී
බිඳ වැටී කැබලි උන
සියුමැලි සිතේ ඉපදුනු
රළු පෙමක රටා.

3 comments:

  1. මම නම් කවි කියවන්නෙ නෑ එත් කොමෙන්ට් කලා

    ReplyDelete
  2. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete