Monday, 17 December 2012

සැලෙන හදවත්



හමන පවනැල් සමග නැලැවී

ලෙලෙන රන් බෝපත් වගේ...

සැලෙන හදවත් සැලෙන සිතිවිලි
නිවන්නට බුදුගුන නැගේ....

කෙලෙස් ගින්නෙන් දැවෙන සිත කය

චිතකයකි සංසාරයේ.....

අසන දකිනා දැනෙන විඳිනා
ලෝකයම ගිනි ගෙන දැවේ....
අනේ ඒ ගිනි නිවන්නට අද
බුදු මුවින් නැගි බන ඇසේ...

ඇලෙන ගැටෙනා ගැටී හඬනා

අවිදු අඳුරේ දැවටෙනා.....

මුලාවන සිත් ගින්න නිවනා
ලෝකයට බුදුගුණ තියේ....
අනේ ඒ ගුණ දරා ඉන්නට
සියලු සිත් සුවයෙන් පිරේ...



1 comment:

  1. This comment has been removed by the author.

    ReplyDelete