Monday, 10 December 2012

මම මාගේ නොව ඔබ ඔබගේ නොව



සසර පුරා.දුක විඳ...
හඳුනාගෙන දුකෙන් මිදෙන්නට
මේ අත්භවයෙම
පෙරුම්පුරා....




ඔබෙන් ලැබුනු අභිමන් සෙනෙහස්

සුවෙන් විඳින්නට නොලදිමි සුවහස්
ඒ දුක ඇත්තයි...දුකම මිහිරි වෙයි
අමිහිරි දිවියේ ... කඳුල මිහිරි වෙයි
කවදා හරි අත්විඳින්නදෝ......
ඔබ මා හමුවූවේ......
මෙලෙසේ..



නෙතට දකින රූ ඉන්ද්‍රචාප ලෙස

වියැකී යන්නට මයි වූයේ
ඒ අනියත බව වටහාගන්නට
කඳුලු මිහිරි තුල හැකි උනිදෝ
මම මාගේ නොව ඔබ ඔබගේ නොව
අප අපගේවත් නොවුනා සේ
මමත් ඔබත් වෙන්වන  දවසේ



සසර පුරා විත්

සපුරාගන්නට
දුකෙහි ස්වභාවය
අත්වින්දා
අතැඹුලක් සේ

No comments:

Post a Comment