Saturday, 15 December 2012

සිත ගැන - ථෙරගාථා ඇසුරෙන්


මා සමග මේ  සසරෙ 
දුර කතර ගෙවාගෙන
නුඹ ආවෙ මා සමග 
සතුටුව සිනා සිසී..


ඒත් නුඹ..
දුක නමැති උලෙහි 
ඉඳුවා තැබු විලසිනි..

කිසිදු අරුතක් දැකිය නොහැකිවූ
දුකෙහි උල යම් තැනක තිබුනද
එතැනමයි නුඹ ඇලෙන්නේ
එතැනමයි නුඹ දැවටෙන්නේ..

දැනුයි මට වැටහෙන්නේ
නුඹ චපල ද්‍රෝහී බව..
නුඹ මාව ගෙන ගියේ
දුකෙහි ගැඹුරටම බව..
මේ දහම මා වැළද ගෙන 
මගේ සිත ගත නිවා දැමුවම
නුඹෙන් මා සදහටම 
මිදුනු බව ....
දැනුනු මොහොතේ සිටම
මා සංසිඳී ගොස්....

ආයුෂ්මත් අනුපම රහතන් වහන්සේ විසින් වදාළ
ථෙර ගාථාවක් ඇසුරෙන්.



1 comment:

  1. This comment has been removed by the author.

    ReplyDelete