Wednesday, 12 December 2012

අහස බැලුවම පෙනුනා


නොකියාම සඳ යන්න හදනවද
අහස කළුවර වෙලා..
මහා වැස්සක පෙරනිමිති මට
අහස බැලුවම පෙනුනා..


බදන්නට බැරි වළාකුල් විත්
සඳ සිසිල වත මකා දමලා
තරුපොකුරු රැස මිලින මල් සේ
එක සැනින් එහි සැඟවිලා..
මහා වැස්සක පෙරනිමිති මට
අහස බැලුවම පෙනුනා..

සිතන්නට බැරි උණුසුමක් විත්
නැවුම් සීතල දවදවා..
මහා සීතල නිහඬ සුළඟින්
එක සැනින් ගත වෙවුලුවා..
මහා වැස්සක පෙරනිමිති මට
අහස බැලුවම පෙනුනා..

නිහඬ අහසේ ගර්ජනය විත්
විදුරවිය දව දවා..
ගහකොළේ මල් පෙති විසුරුවා..
එක සැනින් අඳුරට ගියා
මහා වැස්සක පෙරනිමිති මට
අහස බැලුවම පෙනුනා..





4 comments:

  1. වහින්න පෙර ආකාසේ උදම් අනන්නේ එහෙමයිලු නේද. ලස්සනයි

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අඳුර ගලන බව මට වැළකිය නොහේ
    වැස්ස වහින බව මට වැළකිය නොහේ
    වහින විටදි ගලන අඳුර මට වැළකිය නොහේ
    වැස්ස ගෙනෙන දුකද සැපද මට වැළකිය නොහේ..
    වැස්ස ගැන
    ඇලෙන ගැටෙන
    කිසිවක්
    ඵල නොවේ

    ReplyDelete