Saturday, 1 December 2012

පෙනෙයි ආකාසේ....


මහරු සිත්තම් නිබඳ අඳිනා
මහා අවකාශේ....
මහා හිස්බව පමණි ඇත්තේ
නීල ආකාසේ...


වළාකුල් රූ පාව ගිය සඳ
යලි යලිත් රූ ඇඳෙයි නිතොරම
නොරැඳි ඒ රූ බොඳව යන සඳ
පෙනෙයි  ආකාසේ....

බදන්නට බැහැ වළාකුල් රොද
සිතේ තරමට රඳව ගන්නට
පාව ගිය කල අනන්තය වෙත
පෙනෙයි ආකාසේ....

නෙතින් බැලුවත් නොතින් සෙනෙහින්
නතර වී නොරැඳී වළාකුල්
සුළං හමනා අතට ගිය කල
පෙනෙයි ආකාසේ...

මහා වියනක් සේ ...
අපරිමිත වූ සේ
පෙනි පෙනී මුත් ඇසට නොගැටෙයි
නීල ආකාසේ..
හිස් තැනක් මය හිසු දෙයක් මය
නීල ආකාසේ...


1 comment:

  1. ඔව්.... හිස් තැනක්මයි, හිස් දෙයක්මයි
    නීල ආකාසේ....

    ReplyDelete