Thursday, 8 November 2012

මුතු ගිලිහුනු මාල පටක්



මුතු ගිලිහුනු මාල පටක්

ගෙලේ පැළඳ ගන්නෙමි..
සිත්තම් නැති හිස් කොළයක්
බිත්තියෙ රඳවන්නෙමි..
පවස වඩන කරදිය ගෙන
දෙතොල් තෙමා ගන්නෙමි
ගිනිමැලයක් ලඟ ගුලිවී
දාහය මැඩ ගන්නෙමි....


කඳුලු ගලන විට මුවගින්

සිනා පොදක් දෙන්නෙමි
සිනහව එන විට දෑසින්
කදුලු බිඳක් ගන්නෙමි
ජීවිතයේ හැමදාමත්
මරණය සිහිකරනෙමි
මරණය ලඟ ලඟ ඒ යැයි
සිතා සතුටු වන්නෙමි...

3 comments:

  1. මුතු ගිලිහුණු කල එය මාල පොටක් නොවේමැයි..
    හිස් කොලයක් බිත්තියේ රැඳවූවාට එය සිතුවමක් නොවේමැයි...
    කරදියෙන් කිසිදා පවස නිවනු නොහැකියි....
    ගිනි මැලයක් ලඟ දාහය නොනිවෙන බව නිසැකයි...

    ReplyDelete
  2. ඔව්..එයින් එහා දෙයක් අපේක්ෂා කිරීමම දුකයි..
    මුතු ගිලිහේ නම් ඒ මාලය ගැන කැමැත්තද සිතුවම ඉහිරී හිස් කොළයක් වේ නම් සිතුවම ගැන කැමැත්තද දුකමය..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete