Friday, 16 November 2012

මිලාන වූ පසුවයි දැනෙන්නේ


මිලාන වූ පසුවයි දැනෙන්නේ
මලෙක සුවඳ කෙතරම්
රුදුරු වූ පසුවයි දැනෙන්නේ
සොඳුරු බවෙක මනරම්..

පාට සේදුනු මල් කිණිත්තක
තැවරුවද සායම්..
වැහිබිඳු පිනි බඳු ගලා හැලෙන විට
සේදී යා ද සැනින්..

නෙතට නැග ආ කඳුළු පිසදා
සෙනෙහෙ පිරූ තරම්..
මුවට මඳහස නැගුනු විටකදි
අමතකද එතරම්..


3 comments:

  1. වියෝවූ පසුවයි දැනෙන්නේ ගීතයේ තාලයටම කියවුණා. ලස්සන පබැඳුමක්. දිගටම ලියමු!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හිතවත් ලකීටත්..දයානිටත් ගොඩාක් ස්තුතියි

    ReplyDelete