Wednesday, 7 November 2012

ගැඹුරු සමතලා ඉමක්



මේ මුහුදුයි
මේ පොලොවයි
වගේ ගැඹුරු සමතලා ඉමක්..
පුරා විසිරුනු හදේ ගැඹුරුම
සිතිවිලි සමුදායට...
සීමා මායිම් පැනැවී
කටුකම්බි ගසා
වැට කණු සිටුවා..
වෙන් කල හැකි වෙද
සිත හොරෙන් හොරෙන්
මුරකුටි මඟහැර
ගැඹුරු සමතලා බිමේ 
නිති සැරිසරවයි...

සුසුම් පවන් රැල් හැමුවද
අනදර වදනින් වැස්සද
අනුකම්පා විරහිත සැඩ හිරු විත්
සියල්ල අළු කර දැමුවද..

සිත හොරෙන් හොරෙන්
මුරකුටි මඟහැර
ගැඹුරු සමතලා බිමේ 
නිති සැරිසරවයි...
මේ මුහුදුයි
මේ පොලොවයි
වගේ ගැඹුරු සමතලා ඉමේ..







4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ගැඹුරු සමතලා බිම යනු කිසිදු උස්මිටි කමක් රහිත ඒකාත්මිකවූ තෝතැන්නක්.
    එය මිරිඟුවක් වන්නට බැහැ..එය යථාර්ථයක් බවට පත්වන දෙයක්

    ReplyDelete
  3. ඊටත් වඩා එහා ගිය තැනක්...

    ReplyDelete