Friday, 23 November 2012

ඔබේ සිතාරයෙ


ඔබේ සිතාරයෙ ඔය සත්සර නද
හැඟුම් පෙල ගැසී මන්මත් කරවයි..
ඔය සත්සරයම විටෙක රිදුම් දෙයි
හදවත පාරන සැත් කටුවක් සේ...


එකම සිතාරය එකම තත් පෙලෙන්
නංවන රාවය දෙමගක ගිය සඳ
අඩසඳ නැග ආ මැදියම් රැයකදි
පාලුව මැද කණකොක් නද හඬවයි..
මා මිය ගිය බව
දැන දැන ඇයි තව
මළපොත් ගීතය 
සොයන්නේ..

එකම සිතාරය එකම තත් පෙලෙන්
නංවන රාවය දෙමගක ගිය සඳ
සඳ සිපගත් තරු හෝරාවේ
යශෝරාවයෙන් ආලිංගනයේ
ඔබ ඉපදුනු බව
යලි යලි පිබිදී
භගවත් ගීතය
සොයන්නේ...



2 comments: