Monday, 5 November 2012

මුලාවෙන් ලෝකය සොයයි..


මුලාවද එක් නුරාවක් මය
සිත පුරා මත් වී දුවයි..
හලාහල විෂ පානයක් සේ
සිතිවිලි ම එහි පණ අදියි...


සිතට දැනෙනා සිතිවිලි

නොඑයි හැමවිට සැනසිලි
කෙලෙස් ගින්නේ දැවි දැවී
බුර බුරා එයි මැසිවිලි..


නෙතට දුටු දෑ සත්‍ය නොවි නම්

සිතට පෙනුනිද සත්‍ය ලෝකය
විසුල කුසුමක පෙති නැසී යයි
අර්ධ සත්‍යය ඉදිරියේ....


වසා ගත්තද දෙනෙත් පියවිලි

සිත පුරා රූ සිරි ඇඳෙයි...
සිතේ ඇති හැම දසුන් අභිමුව
මුලාවෙන් ලෝකය පෙනෙයි..

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මළවුන් ගෙන් නැගිටීම මෙන්ම නැවත ජරාමරණ වලට හේතු සකස් නොකිරීම
    මේ ජීවිතයේදී කලයුතු එකම කාර්යයයි

    ReplyDelete