Thursday, 29 November 2012

ඒ නුඹම පමණයි


නිශාකාලයෙ ගැයූ ගී කව්
අසන්නේ නෑ කවුරුවත්
සුවෙන් නින්දේ ලෝ සැමා..
නිශාකාලයෙ කන් යොමා
අසන්නේ නම් ඒ නුඹම පමණයි…


නින්ද නැති දුක දන්නෙ කවුරුද

නිදන්නට නැති අයෙක් විතරයි
සිතේ දුක් ගිනි දන්නෙ කවුරුද
සිතේ දුක ඇති අයෙක් විතරයි…
නිශාකාලයෙ කන් යොමා
අසන්නේ නම් ඒ නුඹම පමණයි…

විඳින දුක ගැන දන්නෙ කවුරුද

ඒ දුකම විඳි කෙනා විතරයි
කඳුලු ලුනු රස දන්නෙ කවුරුද
කඳුලු බිඳු හෙලු කෙනා විතරයි
නිශාකාලයෙ කන් යොමා
අසන්නේ නම් ඒ නුඹම පමණයි…

ලයට තුරුලුව ඉන්නෙ කවුරුද

ලයට පෙම් කල කෙනා පමණයි
සෙමෙන් පිරිමැද හිස සිඹින්නේ
ඒසේ පෙම් කල යමෙක් පමණයි
නිශාකාලයෙ කන් යොමා
අසන්නේ නම් ඒ නුඹම පමණයි…


3 comments:

  1. ගොඩක් ලස්සනයි....

    ReplyDelete
  2. අපොයි දෙයියනේ ආයෙත් බූට් එක්කද...එපා එපා බොනක්කෙන් නම් ලව් කරන්නට...අවවාදය එයයි...වැඩ වරදී..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. බයවෙන්න එපා මගේ සහෘද රතී..බූට් උනොත් මිස බූට් කන්නෙ නැහැ..
    ඔයාටත් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා

    ReplyDelete