Friday, 16 November 2012

නොකියයි ඉතින් පෙරමග


මහවැලිය පසුකරන් යන විට
හිතුනා බලන්නට
ජලකඳ දෙබෑකර
පත්ලටම...
මතකය මහවැලිය අරන් යන...

කොහෙදෝ ඈතක
නොනිදන ඉසව්වක
සිටියත් හොරෙන් සුසුම් ලන
ලමැද ඇති තනිකම
මුහුදට වැටෙයි මහවැලිය ඔතැනම

රෑ තාරකාවෝ
නොකියයි ඉතින් පෙරමග
හැරදා ගිය පවර
විසල් එනුවර දොරකඩ..

සඳ සිසිල එපා කිව් 
කුමුදිනිය වැලපෙයි
රෑ මනමාලි ගසෙක
තරු සැඟව යන විටෙක..


2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හෙට හිරු පායයිද..අවිනිශ්චිත වුවත්..හිරු ආවොත් පල පිබිදෙයි..එය ධර්මතාවයක්..දයානි ඔබේ අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි

    ReplyDelete