Friday, 30 November 2012

යලිත් හෙට හිරු


නිදා නොනිදා  බොහෝ රෑ
අඳුර තැවරුන කවුළු දොර ලඟ
පාලු සලුපොට විසිරිලා.....
කවුරුවත් නැහැ හුදෙකලාවෙම
අව සඳත් බැසගෙන ගියා
යලිත් හෙට හිරු පායනා බව
නොදැන තවතව ගුලිවෙලා.....


දිනක් මහ රෑ ක්ෂීර පථයෙන්
කෙනෙක් ඇවිදින් නෙතුසලා
කිසිදු දිනයක නෑසු ස්වරයෙන්
සෙනෙහසින් මුමුණා ගියා...
පද වැලක් ලෙස ගොතන්නට බැරි
මහ කවක් ලෙස ගොතන්නට බැරි
මහද පුරවා සසරෙ සුපුරුදු
සුවඳ දී ඈතට ගියා
සිත මගේ දෝතෙහි තබා..........

බලා සිටියා බොහෝ රෑ
ක්ෂීර පථයෙන් ඒවිද කියා
කෙළවරක හිඳ පොකුරු තරුවේ
මදෙස බලමින් හිනැහුනා.....
මදෙස බලලා සිනහ සීලා
නිවී සැනසෙන තාරකාවිය
හුදෙකලාවට පෙම් බඳිමු අපි
ඈත දුර සක්වල පුරා
මගේ අවකාශයේ සරමින්
නිමක් නැති පෙම වැළඳගනිමින්
සිතින් ඉමු අපි ඉතින් සැනසෙමු
කයෙන් අපි දෙතැනක වෙලා

2 comments:

  1. ඈත දුර සක්වල පුරා
    බිඳුනු හද යයි විසිරිලා
    පයට පෑගෙන දූලි පොදකට
    කුමට හෙට හිරු පායලා....



    ReplyDelete
  2. හිරු දූවිල්ලද සිසි කිරණද
    විශ්ව ධර්මතාවයයි..
    කුමට පායයිද කියා
    සිතන සිතිවිලි පවා
    අර්ථශුන්‍යයි..
    ධර්මතාවය පවතින් තෙක්
    හිරු පායා එනවාමයි..

    ReplyDelete