Friday, 30 November 2012

නුඹ මට නම්



මිණිමුතු කෙතෙක් වුවත්
නැත මට නම්
නුඹ‍ගේ සිනහ පොදක්
සේ මට නම්…………..

පන්සිළු වෙන වැයුවත්
නැත මට නම්
නුඹගේ සුසුමක හඩ
සේ මට නම්…………….

කෙතරම් වැහි වැස්සත්
නැත මට නම්
නුඹ‍ගේ කඳුලු බිඳක්
සේ මට නම්………………

කෙතරම් ගිනි දැවුනත්
නැත මට නම්
නුඹගේ තරහ බිඳක්
සේ මට නම්………………….

සිවු මහ නදිය උනත්
නැත මට නම්
නුඹගේ සෙනෙහස් ගඟ
සේ මට නම්………….

2 comments:

  1. කඳුළු වරුසා ඇද හැලී
    සුසුම් රැලි සැඩ මාරුතේ
    ගසාගෙන ගිය ජීවිතේ
    කොහෙන් මිණිමුතු සොයන්නේ...
    කාට මිණිමුතු වටින්නේ????

    ReplyDelete
  2. සුසුම් වරුසාව මිහිරි ස්වරයක් නම්
    කඳුලු බිඳු සිසිල් වරුසාව නම්
    ගසාගෙන ගිය මග කෙලවරෙහි
    සැනසිල්ලෙ මිණි මුතු
    නොපෙනෙන්නෙ අන්ධ වී නම්..
    පමණි

    ReplyDelete