Friday, 30 November 2012

සඳකැන් වැස්සට තෙමී නාන්නට


සඳකැන් වැස්සට තෙමී නාන්නට
සුරංගනාවන් පාවී එයි
පිණිකැට වැටෙනා සිතල මැදියම
නුඹ නිදනා හැටි මැවි පෙනෙයි..


උනුසුම මගෙ ලඟ නුඹෙ ගත ඈතක
දෙදෙනා දෙතැනක සීතල එයි
නුඹ දකිනා ඔය සුරඟන සිහිනය
නුඹට පෙනෙයි මට නම් නොපෙනෙයි...

තනිකම මා ලඟ මතකය නුඹ ලඟ
සුසුම් හෙලන හඩ මසිතට එයි
නුඹ සිටිනා ඔය ඈත දනව්වට
කවදා එන්නද මම  නොදනියි....

කළගුණ නොදකින සැඩරළු ලෝකය
ඇස් ඉස් මස් ලේ සොරා ගනිත්
කෙතරම් පිදුවත් අනුකම්පාවෙන් එය
අප වෙනුවෙන් මෙත් සිත් නොනැගෙයි

තරුකැට දිලිසෙන අනන්ත අහසෙම
අවසඳ අඩසඳ පායන්නේ
ඒ සඳ පලුවේ ඔබගේ රූපය
නෙවෙද මගේ දෙස හිනැහෙන්නේ‍‍

මේ මහ විශ්වය කිසියම් කාලෙක
මටම තනිකමක් ගෙන දුන්නා



2 comments:

  1. රැය පුරා
    නිදි වරා
    ගැලූ සෙනෙහස්
    ගං දියේ...

    දිය සුලියකට
    හසුව මිය ගිය
    මලකඳක්
    ඉවුරේ කොනේ....

    දිරා පොලොවට
    වැසී යනු මිස
    කාලයේ
    වැලි තලාවේ...

    පණ ලබයිදෝ
    තෙමුනාට යලි
    සඳේ කැන්
    වල උණුසුමේ...

    සිහිනයෙන් හෝ
    දකින සුරපුර
    වදනකින් හෝ
    දැනෙන සනහස...

    සැබෑවක් වී
    ලැබේවා යලි
    උපදිනා
    මතු අත් භවේ...


    ReplyDelete
  2. අපූර්ව පසුවදනක්..ඉතාමත් නිර්මාණශීලීයි.
    ගොඩාක් ස්තුතියි

    ReplyDelete