Saturday, 17 November 2012

වලාකුළෙන් මග අසා ගන්නට


හිමි නැති බව පුන පුනා
කියද්දිත්..
හිමි කරගන්නට  අහස යදියි
හත්දින්නත් තරු 
පොකුරට ඈතින්
පායා ආ තරුවේ..
අහස හිමි නැතැයි
කීවාදෝ...

රෑන් රෑන් තරු අතරේ
දිලී දිලී ඝන අඳුරේ..
අනන්තයට ගිය අහසේ
ආ මග වැරදී..
පෑල දොරෙන් හිරු පායා එන තෙක්
බලා සිටියාදෝ..

පාට පාට දේදුන්නේ
සේදි සේදි ගිය ගමනේ
නවාතැනක් නැති වේලේ
පුන් සඳ එද්දී..
වලාකුළෙන් මග අසා ගන්නට
බලා සිටියාදෝ...




2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අහසක් නැති තැන තරුව කොයින්දා
    තරුවට හිමි තැන අහසම හන්දා
    තිබුනත් දිලි දිලි තරු රැස බාදා
    දිලෙයි එ තරුවම කිරුළු පලන්දා

    ReplyDelete