Friday, 16 November 2012

අතීත මලකඳ වැතිර තියේ


අඳුරු අහස් කුස වියන් බඳිනවා
මළහිරු ඇවිදින් දෑස් තෙමනවා
කැන්දන් යන්නට සොඳුරු මතකයන්
බිඳුනු අතීතයෙ සොහොන කරා..

හෙන්ද්‍රික්ක මල් පිපී පරවෙන
ගොම්මන් යාමේ නිසංසලේ
කණට කොඳුරා හැඬුම් සරයෙන්
වෙන්ව යන්නට මුමුණන්නේ..

බිම් කළුවර ලඟ වියෝ දුකින්
අතීත මලකඳ වැතිර තියේ 
හඳුනාගන්නට බැරි තරමින්
කළුවර ඇවිදින් තුරුළු උනේ..



2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දුකම කොයි තරම් සතුටක්දෝ

    ReplyDelete