Thursday, 4 October 2012

සදාතනිකවු කිසිත් නැති කල





















සදාතනිකවු කිසිත් නැති කල
සනාතනිකවු වේදනාවේ වැතිරී...
තුෂර බිඳු වැනි සතුට සොය සොය
මහා සාගත නියං සායේ
ඇවිද යන්නෙමි...මම ඔහේ...

අතට හසුවන මානයේ වත්
නෙතට හසුවන මානයේ වත් හෝ
සිතට දැනෙනා මානයේ වත්
දිය බිඳක් නැහැ සාගතේ ඇවිලේ....

දෙතොල් වියැලී නෙතට නිදි නොදී
ගතම සැලෙනා මරණ මංචකයේ
හඬන්නට වත් නෙතක තෙත් නැති
නාඳුනන යම් කෙනෙක් හෝ වෙද
පසට යටකර දමන්නට කය???
අනේ එතරම් දරුනු ලෙස තනිවී....

සොයන්නට නැති කළුණිකක් වැනි
සතුට සොම්නස හිමව් අරනේ හෝ....
කන්ද නැග නැග දකින්නට රිසි
තැන්න කොතැනක අනේ නෑ දිස් වී...











No comments:

Post a Comment