Monday, 29 October 2012

මතක සොහොනෙහි චිතකයේ



සැඳෑ අඳුරට ඉඩදී
ගියා හිරු සැඟවී...
කඳුලු බිඳුවට ඉඩදී
වැසී යයි නෙත පියවිලී...

වසාලන හිස් අහස මේ කුළු
ඇතිකරයි නම් මහා අඳුරක්
දැනෙයි ඒ ඝන අඳුරමයි 
සිත වසාගෙන ගිගුම් දෙන්නේ

හදට දැනෙනා ලයම දැවෙනා
නැගී එන මේ මහා ගිණිකඳ
දවයි ඒ ගිනි ජාලයේ මා
මතක සොහොනෙහි චිතකයේ..

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නිවී නිවී යන
    අරුමය කිමදෝ

    ReplyDelete