Monday, 29 October 2012

අපි නතර නොවීමු



අනමතග්ග භික්ඛවෙ සංසාරො..
මහා දුරක් ඇවිත්
ඇරඹුව තැනක්..නතර නූන තැනක්
මුලක් මැදක් අගක්
කෙසේ සොයන්නද...

පුබ්බාකෝටි න පඤ්ඤායති...
ඉමක් කොනක් 
පෙන්වන්න බැහැ....

අපි අත්වැල් බැඳගෙන 
මේ දුර ආවෙමු..........
මේ ගමනේදී මම නුඹට
මවක් උනෙමි..පියෙක් උනෙමි..
පුතෙක් උනෙමි..දුවෙක් උනෙමි..
ස්වාමියෙක් වූවෙමි...බිරිඳක් වූවෙමි..
සතුරෙක් වීමි...මිතුරෙක් වීමි.....
නුඹට මම යමෙකු නොවූ 
යම් අවදියක් නොවේය...

අවිජ්ජා නීවරනානං තන්හා සංයෝජනං
සන්දාවතං සංසරතං  මමඤ්ච තුම්හාකඤ්ච

මුලාව සහ නොදැනීම නම් වූ
වලාපටලයෙන් වැහිලා.....
ආශාව ඇලීම නම් මැලියම් ගල්වා
නුඹත් මමත් 
කෙතරම් දුරක් ආවාද....

අදත් අපි ඒ දිහාවටම
ඇවිද යමින් සිටින්නෝ
නොවෙමුද?????

2 comments: