නා ගසෙක දළු වගෙයි
ඔබෙ දෙතොල් පෙති සැලෙයි...
මඳ සුළඟ වැදෙන විට
ඔබෙ සුසුම් රැල් වගෙයි.....
නුඹෙ ලැමට නොවෙයි මම
ලයට තුරුළුව හිඳිමි
නුඹේ හද ගැස්ම මම
නෙතු පියා අසා ගෙන....
එවිට මම දැනගනිමි
ලොවේ කවුරුත් නොදුටු
නුඹේ තුල සිටින නුඹ
සැබෑ ලෙස තිර ලෙසම....
No comments:
Post a Comment