Tuesday, 23 October 2012

ඈතට ගිය නුඹ


වැස්සට දිය වෙන වැහි වලාකුලක හැඩ
දුටුවම සිහිවෙන එකම දෙයයි මට
මා දියකර හැර  ඈතට ගිය නුඹ
වැස්ස වගෙයි මා තුලින්  උපන් බව....

අහස සිඹින්නට මෙරුන් නගිනවා
සත් දිනකින් උන් හැම මියයනවා
නුඹව සිඹින්නට සිතක් නැගෙනවා
නැ‍ගුනු නැගුනු සිත හදෙහි මැරෙනවා..

අඳුර නසන්නට විදුරවිය ඇඳෙනවා..
අඳුර විසින්      විදුරවිය ගිලිනවා..
නුඹ සනසන්නට පිපි පෙම් කුසුමෙහි
පෙති වනසන්නට  නුඹෙ නිය ඇදෙනා..

ලාදළු තණපත් මත වැතිරී ගෙන
පිණිබිඳුවක් ගෙන නුඹෙ මුව දෙව්වා
ඒ තණපත් මත දර ගිණි අවුලා
ගිනි තපිමින් නුඹ තනිව හිනැහුනා....




2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මතකය මනරම්
    කරදර මෙතරම්
    එහි ඇති දුක තරම්
    අන් කිසිවක් නැති තරම්

    ඔබට ගොඩාක් ස්තුතියි කමෙන්ට් කලාට

    ReplyDelete