Saturday, 20 October 2012

අනේ ඉතින් නුඹ ඇවිදින්




රෑ මැදියම හිරු පිපේවි
මද්දහනේ සඳු නැගේවි
බිම්මල් වෙත බඹරු වඩිති
හිම ගිර ගිනි මැල දල්වති...

අනේ මගෙන් ඈතට ගිය
මගෙ සිත සොරකම් කර ගිය
නුඹ ඇවිදින් හොර හොරාම
මගෙ හිස පිරිමදිනව නම්....

අහසට බැඳි ඉනිමං වල
ලියවැල් වැද මල් පිපේවි
සසර පුරා ඇවිද යන්න
තැනු මාවත වල් වැදේවි..

අනේ මගෙන් ඈතට ගිය
මගෙ සිත අසරන කර ගිය
නුඹ ඇවිදින් රෑ පුරාම
මට නැලැවිලි ගී කියනවා නම්...

No comments:

Post a Comment