Monday, 15 October 2012

එහා ඉම



නිවාඩුවද
මධුසමයද
අදින් අවසන්ය....
සිහිය පිහිටුවා ගන්නා
හෝරාව එළැඹ ඇත...
රෑ දුටු සිහිනයන් 
නින්ද පවතින තෙක්ය...
පිණිබිඳු හිරු පායන තෙක්ය....
හමුවීම වෙන්වීමෙන් අවසන් වන තෙක්ය..
සැප දුකෙන් කෙළවර වන තෙක්ය..
ජීවිතය මරණයෙන් අවසන් වන තෙක්ය....
වධකයෙක් පසුපසින් එමින් සිටියි..
ගෙල සිඳ දමන්නට...
පහණ නිවී යන්නට පෙර
පමා නොවී
හාත්පස බැලිය යුතුමයි..



4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ස්තුතියි ඔබට...
    ද්ව්ය...යථාස්වභාවය...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔව්...අගය කිරීම අගයත්

    ReplyDelete