Saturday, 29 September 2012

පුරාණ ගණිකාව



























මම....
ඝන රන් පැහැ සිරුර දරා
යස ඉසුරින් රූප ශොභා
මත් කලෙනෙමි සලෙලු දනා
යෞවනයේ මධු ද පොවා
අන් අඟනුන් පරදවලා........


අබරණ සූ සැටක් දරා
රන් මිනි මුතු එක්ව සලා
මිණිගෙඩි හඩවා තාලෙට...
කය සරසූ සළු ද උනා
අඩක් නග්න බවද නගා
රාග ගින්න අවුළුවමින්
මළපුඩුවක් එහිම තනා
සිටියෙමි මම ගොදුරු සොයා..

ඒ මම අද හිස මුඩුකොට
දල රළු කහ සිවුරු දරා
දෙව් මිනිසුන් සසර බැඳුනු
රැහැන් සියලු බැමිද මුදා
සදා නිවුනු කෙලෙස ගින්නෙ
නිවී නිවී සැනසිල්ලේ
විවේකයෙන් සිටිමි සොඳා...

ථෙර ථෙරි ගාථා 
පුරාණ ගණිකා විමලා තෙරණිය
ඇසුරෙන්

No comments:

Post a Comment