Thursday, 23 August 2012

ඔබ..යන්න ගිය පසු..

Image

නොසිතු ලෙස..
ඔබ..යන්න ගිය පසු
එකදු දේදුන්නක්
දුටුවෙ නෑ අහසේ..ඔබ දේදුන්න වූවද??
හඬන විට ඒ අහසයි
වහින විට ඒ දෙනෙතයි
සිතට දැනුනා ඇත්තමයි
දෙගොඩ ගැලු ගඟ වගේමයි..
ඔබ..යන්න ගිය පසු..

නැවත නොඑනා බව සැබැයි
දෙනෙත ඒ බව නොඅදහයි
එදා පිටුපා යන්න ගිය මග
දිහා තවමත් නෙත බලයි
නැවත ඒ දැයි විමසමින්...
ඔබ..යන්න ගිය පසු..


2 comments:

  1. නියමයි ඔයා ලියන කවි නම් හරිම ලස්සනයි

    ReplyDelete
  2. ඔයාට ගොඩාක් ස්තුතියි සොයුර අප දිරිමත් කලාට

    ReplyDelete