Monday, 25 June 2012

ඈ යන්න ගියා

Image
ලොව මට පාලුයි
ඈ යන්න ගියා..
නිම්නැති සෝකයි
ඈ යන්න ගියා.
තරු විසිතුරු මැද සිතිවිලි අහසේ
පාට දේදුනු ඇදී ගියා...
නෙතු පියවිලි ලඟ මතකයෙ කඳුලින්
දේදුනු අහසම මැකී ගියා..
අමාවකට ඉඩදී
සඳ නැසී ගියා..
හදවත රිදවන හීසර වදනින්
සීත මුදු පෙම බිඳී ගියා...
ඉඳුවර අද්දර නලලත තිලකය
හිස ගිනිගත් කල මැකී ගියා..
සුසුම් පොදට ඉඩදී..
සිත නැසී ගියා...

No comments:

Post a Comment