Saturday, 24 March 2012

නොපෙනෙන තියෙන දෙය



පැතුවේ දියබිඳක් තොල් අග පිපාසෙට
ලැබුනේ සමුදුරක් ලුනු රසයෙන් පිරුනු
නොගිලී ඉන්ට නම් බැරි වෙයි දියඹයට
නොපතමි යලිත් දියබිඳකුදු මලත් මම

පැතුවේ සැනසිල්ල මද පවනකින් හැමූ
ලැබුවේ වැනසිල්ල මහ මේඝයක් කෙරූ
සිතුවේ අඳුර නසනා සොමි සඳ පාන
ගැලුවේ ඉඩෝරය දෙන ගිනි හිරුමඩල

පැතුවේ අහස සේ මැයි එහි අනන්තය
සිතුවේ පොලොව සේ මැයි එහි අනන්තය
ගිලුනේ ගලන ගුණ මුහුදේ පතුලේම
සිහිනය එළිඋනේ රුදු මරු කතරේම...

No comments:

Post a Comment