Thursday, 9 February 2012

සිරිපොද වැස්සට



සිරිපොද වැස්සට තෙමි තෙමි හිනැහෙන
මල්පොකුරක් සේ ආදරෙන්
මා ඔබ නෙතලඟ නතරව ඉන්නම්
කල්ප ගනන් වුව රත්තරන්..
ඔබේ ආදරය රත්තරන්....

හසරක් නොදැනෙන ඉමක් කොනක් නැති
සිතිවිලි සාගරයේ
පහන් ටැඹක් සේ මඟ හෙලි කරදෙන‍‍
ඔබේ ආදරය රත්තරන්...

කුනාටු මුහුදකි රුදු මරු කතරකි
මගෙ මුලු ජීවීතයේ..
පොද වැස්සක් විය රිවි කිරණක් විය
ඔබේ ආදරය රත්තරන්..

1 comment:

  1. දුකෙහි මිරිකී...සිටින මොහොතේ...
    ඇසට පැණ නැගි කදුල පිසලූ...
    හදෙහි කැකරුණු ගින්න නිව්...ඔබ...
    රත්තරං මගෙ රත්තරං...

    දිවි අදුරට ආලෝකයක් විය ඔබ...
    දිවි ගමනට පහන් ටැඔක් විය ඔබ..
    මා මුලු දිවියම නිවන ගින්දර...ඔබ...
    රත්තරං මගෙ රත්තරං...

    මා නෙත තමවත් ඔබ ලගයි...
    මා සිත තවමත් ඔබ ලගයි...
    මා ගත තවමත් ඔබ ලගයි...
    මා ඔබෙයි..ඔබ මගෙයි...
    රත්තරං මගෙ රත්තරං...

    ReplyDelete