Sunday, 12 February 2012

කැඩපත



කැඩපතට මුකුලු කල
ගිලිහෙන සලුව විසිරෙන
ඉඟසුග....
නලල රැළි නංවන
නරකෙසක සේයාව දුටු
බියරැඳුනු දෙනයන
සසර දුක කැන්දන
රූපයේ චමත්කාරය නම් වන
මිරිඟුව...
තණ අගක රඳුනු කල සේ
දිලිසෙන පිණි බින්දුව
දක්වයි මායාව
හොඳින් ඔපවත්කල කැඩපත

1 comment:

  1. රන්වන් රන් සම
    දිදුලන දෙනයන
    ලෙල දෙන ඉග සුග
    ලා දලු තොල් පෙති
    රෝස මලක් සේ
    පරවි පොලොවට
    පස්වන...රන් සම...
    පස් වන...දෙනයන...
    පස් වන...ඉග සුග...
    පස්වන...තොල් පෙති...
    සිරුරක වත ගොත
    මෙලෙස කියා දෙමි....
    මා ප්‍රිය හිමියනි.....

    ReplyDelete