Thursday, 9 February 2012

ගේය පදයක් ලෙස ලියවුනු මගේ කවිය



ගේය පදයක් ලෙස ලියවුනු මගේ කවිය

ඔබ සරා සදිසි වතයි
පුන්සඳ පෝදා වගෙයි
මගේ ලොවේ අඳුර නසන පහන්තරුව ඔබයි..
ඔබ සරා සදිසි වතයි...

මම අමාවකට රැයයි
ඒ රැය පුරාම දුකයි
කණාමැදිරි එළි පමණක් ගේ පුරාම දුවයි
තනියහනේ එළිවෙන්නට කල්ප ගනන් ගෙවෙයි
මේ රැය තවමත් හඩයි...

ඔබ නැතිදා රැය දිගයි
ඒ රැය නිදිනැති වගයි
ලොවේ කොතැන හිටියත් ඔබ මගෙම කියා හිතෙයි
ඔබ අන්සතු බවක් සිතට
කිසිදාවත් නොඑයි
මේ සිත තවමත් ඔබෙයි...

1 comment:

  1. මගෙ ලෝකෙට එලිය දුන්නු ඉරබටු තරුවේ....
    ඔබේ සුවද තාමත් ඇත මා ලය තුරුලේ...
    මා අත ගත්....
    මා සිප ගත්...
    ඔබ ලය තුල මා සැතපූ....

    නිදි යහනේ සැතපෙන්නට ඇයි නොම එන්නේ...
    නිදි යහනේ හිනැහෙන්නට ඇයි නොම එන්නේ...
    මා හදවත....
    තුල තවමත්...
    ඔබමයි හිනැහෙන්නේ...

    උතුරා යන ආදරයෙන් මා අතගත් එදා....
    කවදාවත් නොලැබු සැපක් මා සිප ගත් එදා...
    රැක ගත යුතු මිණි කැටයක්....
    මගෙ හිමියනි...
    ආදරෙයි...මම...
    සදා ආදරෙයි....

    ReplyDelete