Friday, 11 September 2009

සිතක දෑලවර - බන්ධනය

image010 bn

හද හඩවයි
මේ බැදීම....??
සිත තෙරපයි
මේ බැදීම....??
මද පවනක් වෙයි
මේ බැදීම....??
මාරුතය වගෙයි
මේ බැදීම....??
වැස්සක් වාගෙයි
මේ බැදීම....??
නියගයක් වගෙයි
මේ බැදීම....??
නෞකාවක් වෙයි
මේ බැදීම....??
පර්වතයක් වෙයි
මේ බැදීම....??
නෙත් සනසාලයි
මේ බැදීම....??
උල් කටුවක් වෙයි
මේ බැදීම....??
දේදුන්නක් වෙයි
මේ බැදීම....??
අකුණු සරක් වෙයි
මේ බැදීම....??
දැඩි බන්ධනයක් මයි
මේ බැදීම....??
කෙලෙස මුදන්නෙද
මේ බැදීම...?

සසර සරන තෙක් තිබීම

සිතට දුකක් මුත් බැඳීම

එයමයි සොයනා විඳීම

1 comment:

  1. අනේ ඔව්....දැන දැනම අපි ඒකම හොයාගෙන යනවා.......

    ReplyDelete