Thursday, 26 February 2009

සිතක දෑලවර - එමි එපුරවරයට



පවර නිරිදු රුපු යුධයට ආවද
නුඹට පිදුව මෙනුවර ගෙනයන්නට
යටත් නොවෙමි මම පෙම්බර දේවී
මගේ විජිතයයි මමයි නුඹයි..

තුමුල ශිඛරගල් කදු ඉස්මත්තට
උදුල නෙතින් පෙම් විස්කම් දනවන
විසිර කුසුම් වැනි ඔය නෙත් කෙවෙණිය
කෙලෙස දුකින් කදුලැල් පුරවමි මම..

අදර බැතින් මා දෙපා නමදිනා
කවර පිනෙන් නුඹ මටම හිමිවෙනා
විවර කරන් නෙත් පියවිලි සොදිනා
බලන් ම දෙස මම පෙම්බර සැමියා

ලය තෙත් ආදර ගගක් ගලනවා
ඉහ ඉද්දර පෙම් මල් පූදිනවා
මහා දෙවොල සෙනෙහස් අනුහසිනා
වහා වරෙන් මගෙ සිතට දෙවගනා

පවස නිවෙයි නුඹෙ ආදර බස් ඇසිලා
මෙදුක නිවෙයි නුඹෙ උනුහුම් ගත වෙලිලා
මෙ ගිනි නිවෙයි නුඹෙ සුසුමන් රොද වැදිලා
සසර නිවෙයි නුඹ මට හිමි වන දිනෙනා..

------------------------------------------

No comments:

Post a Comment