Saturday, 21 February 2009

සිතක දෑලවර- රන්වන් කෙත

40996644a5a4so8



සිතිවිලි රෑන ගිරව්
ඈතට ඉගිල ගිහින්
සෙනෙහස පිරුනු කෙතක
රන් අස්වනු පීරයි..

ඒ රන් කෙතේ පුරා
සෙනෙහස දළු දමලා
රන්වන් කරල් පිටින්
සුළගට සැලෙයි සොබා

ඉගිලෙන රෑන පිටින්
තුඩගින් සෙනෙහෙ සොයා
මා වෙත රැගෙන වරෙව්
ඒ රන් කෙත සරලා

ඔය රන් කෙත සපුරා
මිණිමුතු ඇති වපුරා
ඒ අස්වනු දැකලා
සිත ලොබ නොවනු හොදා

ඒ රන් ගොයම මටයි
ඒ මිණි මුතුද මටයි
ඒ අස්වැන්න මගෙයි
මෙහි ආවොත් නුඹලා..

මගෙ සිත් පොද වැස්සට
ඒ කෙත තෙත් වෙනවා
ආදර සෙනෙහෙ සිතට
ඒ බිම සරු වෙනවා..

ඉරිසියා නොකර ඉතින්
ඉගිලිල වරෙව් තුටින්
රන්වන් කරල් තුඩින්
හණිකට මවෙත අරන්
----------------------------------

1 comment:

  1. විරල අනුභූතියක්, සරල බසින්, ලිවීම අගේ කරමි!

    ReplyDelete