Thursday, 26 February 2009

සිතක දෑලවර - ඉසිදාසියකගේ ගීතය





කරුණාව ඉතිරෙන දෙනුවනක්

දුටුව නම් මා ඔබේ දෙනුවන් පරදන

බුදු පියාණන්ගේ දෙනුවනට පමණි

පින් නොමැති වුවත්

ඔය දෑස් සිපගන්නට

පැමිනෙමි  මා

මේ සීත රාත්‍රියේ

ඔබ නිදන යහන් ගැබට

සිපගමි ඔය නුවන් සෙ‍නෙහසින්

සැපසේ  නිදන්නට

පිරිමදිමි මා ඔබ නලලත

හද තුල තෙර‍පෙන සෙනෙහසින්

අනේ මට හැකි නම්

ඔබ අසළ දැවෙටමින්

මගේ  සෙනෙහස

ඔබට පුදන්නට

ඔබේ කීකරු භාර්යාව ලෙස

මගේ පින්බර ස්වාමියානනි

කියන් මට

ඔබ හිමි මටම පමණක් නෙවෙද

සසර සරනා තෙක්  ?

No comments:

Post a Comment